ඖෂධ අලෙවි කිරීමේ මුවාවෙන් මත්ද්රව්ය ඇතුළු නීතිවිරෝධී ඖෂධ වර්ග අලෙවි කරන ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්ය අමාත්ය සුනිල් වත්තාගල මහතා පවසයි. සමස්ත ශ්රී ලංකා පෞද්ගලික ඖෂධ හිමියන්ගේ සංගමයේ සංවත්සර උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම ජාවාරම පාලනය කිරීම සඳහා දිස්ත්රික් මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඒ අනුව, සෑම දිස්ත්රික්කයකම ඖෂධ හිමියන් කැඳවා සාකච්ඡා කිරීමටත්, නීතිවිරෝධී ක්රියාකාරකම් වැළැක්වීමට අවශ්ය පියවර ගැනීමටත් බලාපොරොත්තු වේ.
පොලිසිය වෙත ලැබී ඇති පැමිණිලිවලට අනුව, ඇතැම් ඔසුසල් මගින් මත්ද්රව්ය පෙති බෙදාහැරීම සිදු කෙරේ. එසේම, ඔසුසල් ලෙස පෙනී සිටිමින් මෙවැනි ජාවාරම්වල නිරත වන පුද්ගලයන් පිළිබඳවද තොරතුරු ලැබී ඇති බව අමාත්යවරයා පෙන්වා දුන්නේය.
තවද, ආයුර්වේද ආයතන ලෙස හඳුන්වා ගනිමින් නීතිවිරෝධී මත්ද්රව්ය අලෙවි කරන ස්ථාන කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර ඇත. නීතිය ක්රියාත්මක කිරීමේදී පුද්ගලයාගේ තරාතිරම නොබලා, සැමට සමානව නීතිය ක්රියාත්මක කරන බවද සුනිල් වත්තාගල මහතා මෙහිදී අවධාරණය කළේය.
