නෝර්වුඩ් ආදාහනාගාරයට පිවිසෙන මාර්ගයේ සිදුකළ අනවසර මැණික් ගැරීමේ ජාවාරමක් පිළිබඳව ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර තිබේ.
මෙම ජාවාරම හේතුවෙන් අදාළ මාර්ගය දැඩි ලෙස විනාශයට ලක්වී ඇති අතර, විශාල වළවල් හාරා මැණික් ගැරීමේ කටයුතු සිදුකර තිබූ බව පොලිසිය පවසයි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් පොලිස් කණ්ඩායම මගහැර පලාගොස් ඇති අතර, ඔවුන් විසින් ගොඩගසා තිබූ ඉල්ලම් පස් ගෝනි කිහිපයක් එම ස්ථානයේම අත්හැර දමා තිබියදී සොයාගෙන ඇත.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නෝර්වුඩ් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර