කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වයේ සාමාජිකයන් පස්දෙනකු වෙඩි තබා සහ බෝම්බ ප්රහාර එල්ල කර ඝාතනය කිරීමට සූදානම් වූ පාතාල කුලී ඝාතකයන් දෙදෙනෙකු වලාන දූෂණ මර්දන ප්රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොස්ගොඩ මහ ඉඳුරුව ප්රදේශයේ නිවසක සැඟවී සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වලාන දූෂණ මර්දන ප්රහාරක බළකායේ අධ්යක්ෂ රොහාන් ඕලුගල මහතාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවය.
මීට දින කිහිපයකට පෙර සිදුවූ ‘පොඩි පැටී’ නමැත්තාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස ‘ලොකු පැටී’ විසින් මෙම කුලී ඝාතකයන් යොදවා ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා පලා යාමට උත්සාහ කර ඇති අතර, පොලිසිය සිදු කළ ප්රතිප්රහාරවලින් එක් සැකකරුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. තවත් පාතාල සාමාජිකයකු ප්රදේශයෙන් පලා ගොස් තිබේ.
සැකකරුවන් සතුව තිබී මයික්රෝ පිස්තෝලයක්, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, පතරොම් තොගයක් සහ ප්රහාරය සඳහා සූදානම් කර තිබූ අත්බෝම්බයක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මොවුන් මෙම ඝාතන කොන්ත්රාත්තුව භාරගෙන ඇත්තේ රුපියල් ලක්ෂ දහයක මුදලකට බවත්, සැකකරුවන් දෙදෙනාම අයිස් මත්ද්රව්යවලට ඇබ්බැහි වූවන් බවත් පොලිසිය පවසයි.
මේ අතර, මෙම මෙහෙයුම සිදුවී පැය කිහිපයකට පසු අහුංගල්ල ප්රදේශයේ නිවසකට එල්ල වූ වෙඩි ප්රහාරයකින් 74 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා තිබේ. සැකකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ එම නිවසේ පදිංචි තුවාලකරුගේ පුත්රයා බවත්, ප්රහාරකයන්ට සිදුවූ අත්වැරදීමකින් පියාට වෙඩි වැදී ඇති බවත් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර