බොලිවුඩ් සිනමාවේ ජනප්රිය රංගන ශිල්පිනී ෆාතිමා සනා ෂෙයික් තම පෞද්ගලික භාවිතය සඳහා අභිරුචිකරණය කළ (Customized) නවතම Royal Enfield යතුරුපැදියක් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.
මෙම යතුරුපැදිය නිර්මාණය කිරීම සඳහා Bombay Custom Works, YC Design Motorcycles සහ Buzz Moto යන ආයතන එක්ව කටයුතු කර ඇත. සාමාන්ය Royal Enfield යතුරුපැදියක් පදනම් කරගනිමින්, එය රෙට්රෝ පෙනුමක් සහිත ‘single-seater bobber’ මාදිලියට හරවා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
යතුරුපැදියේ පසුපස ආසනය ඉවත් කර රතු පැහැති diamond-stitched ලෙදර් ආසනයක් සවි කර ඇති අතර, පසුපස fender කොටස කෙටි කිරීම මගින් එයට වඩාත් ආකර්ෂණීය පෙනුමක් එක් කර ඇත. ඉන්ධන ටැංකියේ සන්නාම ලාංඡන ඉවත් කර එය දිලිසෙන කළු වර්ණයෙන් නිමවා තිබේ.
එමෙන්ම, මුල් headlamp එක ඉවත් කර නවීන LED headlamp එකක් සහ උසැති chrome ape-hanger හැන්ඩ්ල් එකක් සවි කර ඇත. මෙම වෙනස්කම් සමඟින්, සාමාන්ය යතුරුපැදියක් ඇයටම ගැළපෙන අලංකාර නිර්මාණයක් බවට පත්ව ඇති බව ඇය සිය සමාජ මාධ්ය ගිණුම් හරහා පවසා තිබේ.
මෙම යතුරුපැදිය Royal Enfield Meteor 350 මාදිලියක් විය හැකි බවට බොහෝ දෙනා අනුමාන කරති. ෆාතිමා සනා ෂෙයික් විසින් පළ කර ඇති මෙම යතුරුපැදියේ ඡායාරූප මේ වන විට අන්තර්ජාලය තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර