ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා පවතින 1996 අංක 28 දරන පනත අහෝසි කර, නව නීති පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්යතාව පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ශ්රී ලංකාව විසින් 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය (UN CRPD) අපරානුමත කළ ද, ඊට අනුකූල දේශීය නීතියක් මෙතෙක් ස්ථාපිත වී නොමැති බව මෙහිදී පෙන්වා දෙන ලදී. විවිධ පාර්ශ්වයන්ගේ නිරීක්ෂණ සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල ස්වාධීන අධීක්ෂණ යාන්ත්රණයක් සහිත නව පනතක් කඩිනමින් සකස් කිරීමේ අවශ්යතාව අවධාරණය කෙරිණි.
“අප නැතුව අපි ගැන තීරණ ගන්න එපා” යන තේමාව පෙරදැරි කරගනිමින්, ආබාධ සහිත ප්රජාවගේ සෘජු නියෝජනය සහ සහභාගිත්වය මෙම ක්රියාවලියේදී අත්යවශ්ය බව ජාතික සභාවේ නියෝජිතයින් පෙන්වා දුන්හ. නව පනත හරහා රැකියා අවස්ථා පුළුල් කිරීම, සමාන සේවා කොන්දේසි සහ රැකියා ස්ථානයන්හි සාධාරණ පහසුකම් සැලසීම වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.
අදාළ අමාත්යාංශ නිලධාරීන් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව දැනටමත් මෙම කෙටුම්පත සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් කළේය. සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් යුතුව, වත්මන් සමාජ හා ආර්ථික පසුබිමට ගැලපෙන තිරසාර නෛතික රාමුවක් කඩිනමින් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර