ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය විසින් තමිල්නාඩු ධීවරයින් වෙත ඉතා වැදගත් නියෝගයක් නිකුත් කරමින් ප්රකාශ කර ඇත්තේ, කිසිදු හේතුවක් මත ශ්රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙසයි. කච්චතිව් ප්රදේශයේ මසුන් ඇල්ලීම සඳහා ඉන්දීය ධීවරයින් ශ්රී ලංකා දේශසීමාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකදී මෙම තීරණය ලබා දී ඇත.
මෙම නඩුව විනිසුරුවරුන් වන සංජේ කුමාර් සහ සංජීව් සචදේව් යන මහත්වරුන් හමුවේ විභාගයට ගැනිණි. එහිදී අදහස් දැක්වූ විනිසුරුවරුන් පෙන්වා දුන්නේ, ශ්රී ලංකා ධීවරයින් තම මුහුදු කලාපය ඉතා මැනවින් ආරක්ෂා කර ගන්නා බවත්, එම නිසා එහි මත්ස්ය සම්පත ඉහළ ගොස් ඇති බවත්ය. ඉන්දීය මුහුදු කලාපයේ පවතින දූෂිත තත්ත්වය හේතුවෙන් මත්ස්ය සම්පත අඩුවීම නිසා තමිල්නාඩු ධීවරයින් ශ්රී ලංකා සීමාවට ඇතුළු වන බව අධිකරණය නිරීක්ෂණය කළේය.
ඉන්දීය මධ්යම රජය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයින් සඳහන් කළේ, කච්චතිව් ගිවිසුම සම්බන්ධයෙන් ශ්රී ලංකාව සමඟ යළි සාකච්ඡා කිරීමේ අදහසක් දැනට නොමැති බවයි. ශ්රී ලංකාව සමඟ පවතින සුහද සබඳතාව බිඳ දමා ගැනීමට ඉන්දීය රජය අකමැති බවත් ඔවුන් අවධාරණය කළහ.
ඉන්දීය ධීවරයින් ශ්රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වුවහොත් අත්අඩංගුවට ගැනීම් වැළැක්විය නොහැකි බව රජය පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් තමිල්නාඩු ධීවරයින් දැනුවත් කරන ලෙසත්, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්ය පියවර ගන්නා ලෙසත් අධිකරණය බලධාරීන්ට නියෝග කළේය. මෙම නඩුව නැවත පෙබරවාරි මාසයේදී කැඳවීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර