ඇමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ දී මරණ දඬුවම ක්රියාත්මක කර ඇති බව වාර්තා වේ. 2000 වසරේදී වෙළඳසැලක සේවිකාවක ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ 46 හැවිරිදි ජමාල් හෝවාඩ් නැමැත්තාට මෙම දඬුවම හිමි විය.
බලධාරීන් විසින් පෙන්ටොබාබිටල් නැමැති ඖෂධය භාවිත කරමින් මාරාන්තික එන්නත් ක්රමයක් මගින් මෙම දඬුවම ක්රියාත්මක කර ඇති අතර, පසුව ඔහු මිය ගිය බව බන්ධනාගාර බලධාරීන් විසින් තහවුරු කරනු ලැබීය.
මෙම දඬුවම ක්රියාත්මක කිරීම වැළැක්වීමට හෝවාඩ්ගේ නීතිඥවරුන් අවසන් මොහොත දක්වාම උත්සාහ දරා තිබුණි. ටෙනසි ප්රාන්තයේ මීට පෙර සිදු වූ මාරාන්තික එන්නත් ක්රියාවලියකදී ඇති වූ ගැටලු පදනම් කරගනිමින් ඔවුන් මෙම ඉල්ලීම සිදු කර තිබිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර