ඩුබායි රාජ්යයේ සිට මෙරටට පිටුවහල් කරන ලද මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඔහුගේ දේපළ තහනම් කිරීමට මධ්යම අපරාධ විමර්ශන අංශය කටයුතු කර ඇත.
අදාළ සැකකරු මත්ද්රව්ය ජාවාරම හරහා උපයාගත් මුදල් යොදවා තම පියා, පුත්රයා සහ සමීපතම ඥාතියෙකුගේ නමින් මෙම දේපළ මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව, පොරලස්ගමුව – දෙහිවල මාර්ගයේ පිහිටි රුපියල් කෝටි 3.5ක් වටිනා ව්යායාම මධ්යස්ථානයක් (Gym), දඹුල්ල – තිත්තවැල්ගොල්ල ප්රදේශයේ රුපියල් කෝටි 3.5ක් වටිනා ඉඩමක ඉදිකළ නිවසක් සහ යක්කල ප්රදේශයේ පිහිටි රුපියල් කෝටි 3ක් වටිනා නිවසක් මෙලෙස තාවකාලිකව තහනම් කර ඇත.
මෙම දේපළ තහනම් කිරීමේ නියෝගය දින 14ක කාලයක් සඳහා වලංගු වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර