ලෝක සෞඛ්ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ධුරය සඳහා ආචාර්ය සොන්ග් ලී (Dr. Song Li) මහත්මියව චීනය විසින් නිල වශයෙන් නම් කර ඇත. චීන විදේශ අමාත්යාංශයේ ප්රකාශිකා මාඕ නින්ග් මහත්මිය මේ බව මාධ්ය වෙත තහවුරු කළාය.
මෙම යෝජනාව හරහා ලෝක සෞඛ්ය සංවිධානය වෙත චීනය ලබාදෙන අඛණ්ඩ සහයෝගය සහ බහුපාර්ශ්විකත්වය කෙරෙහි ඇති කැපවීම පෙන්නුම් කරන බව චීන විදේශ අමාත්යාංශය පවසයි. පොදු සෞඛ්යමත් මානව ප්රජාවක් ගොඩනැගීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව එම ප්රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළාය.
ආචාර්ය සොන්ග් ලී මහත්මිය එම ධුරයට තේරී පත් වුවහොත්, ලෝකවාසී ජනතාවගේ සෞඛ්ය සහ යහපැවැත්ම උදෙසා ලෝක සෞඛ්ය සංවිධානය හරහා වඩාත් ක්රියාශීලී මෙහෙවරක් ඉටු කිරීමට ඇය කැපවනු ඇති බවට චීනය විශ්වාසය පළ කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර