ග්රාම නිලධාරී සේවයේ III වන ශ්රේණිය සඳහා අලුතින් බඳවා ගත් නිලධාරීන් 1,540 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය. රටේ සංවර්ධන මාවත නගර කේන්ද්ර කරගත් එකක් නොව, ගම තුළ ආර්ථික අවස්ථා නිර්මාණය කරන ක්රමවේදයක් විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
රාජ්ය සේවය යහපත් වැටුප් තලයක පිහිටුවීමේ අවශ්යතාව රජය පිළිගන්නා බවත්, වෘත්තිකයන් රාජ්ය සේවයට ආකර්ෂණය කර ගැනීමට නම් වැටුප් ව්යුහය සංශෝධනය විය යුතු බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත්, රාජ්ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ එහි ප්රමාණය කළමනාකරණය කිරීම අත්යාවශ්ය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මේ වන විට රාජ්ය ආයතන 33ක් වසා දැමීමට තීරණය කර ඇති අතර, තවත් ආයතන කිහිපයක් ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇත. රාජ්ය සේවය ජනතාවට බරක් නොවන පරිදි කාර්යක්ෂම සේවාවක් ලෙස පවත්වාගෙන යාම රජයේ අරමුණයි.
එමෙන්ම, ඉදිරි වසර තුන තුළ රටම ආවරණය වන පරිදි නව සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමටත්, රාජ්ය සේවයේ කාර්යයන් ඩිජිටල්කරණය කිරීමටත් පියවර ගෙන ඇත. මෙහි නියමු ව්යාපෘතියක් ලබන වසරේදී දිස්ත්රික්ක දෙකක් ආවරණය වන පරිදි ආරම්භ කිරීමට නියමිතය.
රාජ්ය සේවකයන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්ය වාහන සහ පරිගණක උපකරණ ලබා දීමටත්, රාජ්ය ගොඩනැගිලි ප්රතිසංස්කරණය කිරීමටත් රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර