ආගමික සහජීවනයට හානි වන ආකාරයේ ප්රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති ෆෙඩ්රික් ක්රිස්ටෝපර් ජෙරොම් ප්රනාන්දු හෙවත් පාස්ටර් ජෙරොම්ට එරෙහි නඩුව 2027 මාර්තු 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නියෝග කර ඇත.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි. ඇප මත මුදාහැර සිටින පාස්ටර් ජෙරොම් ප්රනාන්දු ද එදින අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අන්තර්ජාලය ඔස්සේ ප්රචාරය වූ දේශනයකදී බුද්ධාගම, හින්දු ආගම සහ ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්රකාශ සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. 2023 වසරේ දෙසැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහු, පසුව රක්ෂිත බන්ධනාගාරගතව සිට 2024 ජනවාරි මාසයේදී ඇප මත මුදාහැරින.
නඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නීතිපති උපදෙස් ලැබෙන තෙක් මෙලෙස නඩුව කල් තැබීමට අධිකරණය තීරණය කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර