ජාතික නාමල් උයනේ 36 වන සංවත්සර උත්සවයට එක්වෙමින් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව සඳහන් කළාය. දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා පර්වත පද්ධතිය සහ නා වනය පිහිටි මෙම උද්යානය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමට කැපවූ පූජ්ය වනවාසී රාහුල නායක හිමියන් ඇතුළු පිරිස වෙත අග්රාමාත්යවරිය සිය ගෞරවය පළ කළාය.
රටක සැබෑ ආයෝජනය පවතින්නේ දූ දරුවන්ගේ අධ්යාපනය සහ ඔවුන්ගේ චරිත වර්ධනය තුළ බව පෙන්වා දුන් අග්රාමාත්යවරිය, විභාගවලට පමණක් සීමා නොවූ, පරිසරයට ආදරය කරන පූර්ණ පෞරුෂයකින් හෙබි දරුවෙකු බිහි කිරීම සඳහා නව අධ්යාපන ප්රතිසංස්කරණ ආරම්භ කර ඇති බවත් පැවසුවාය.
පරිසර සංරක්ෂණය වෙනුවෙන් රජය ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව අදහස් දැක්වූ අග්රාමාත්යවරිය, වසර 25කට පසු ජාතික පාරිසරික සංශෝධන පනත සම්මත කරගැනීම සහ පරිසර විනාශ කරන්නන්ට එරෙහිව දැඩි දඩ මුදල් හා සිරදඬුවම් පැනවීමට පියවර ගත් බවත් සිහිපත් කළාය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා, ජාතික නාමල් උයනේ නිර්මාතෘ හිමියන් කළ ඉල්ලීම පරිදි ගල්කිරියාගම ප්රාදේශීය රෝහල සංවර්ධනය කිරීමට සහ ආඩියාගල පාසල නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බව තහවුරු කළේය.
අධ්යාපනය සඳහා 2027 අයවැයෙන් රුපියල් බිලියන 500ක් වෙන් කර ඇති බවත්, අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සහ අධ්යාපනය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා එක්විය යුතු බවත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර