යහපාලන ආණ්ඩුව සමයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කළ අවස්ථාවේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමට පියවර නොගත් බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ නීතිඥ හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එම අවස්ථාවේදී අධිකරණ අමාත්යවරිය ලෙස කටයුතු කළ තලතා අතුකෝරළ මහත්මිය විසින් කොටපිටියේ රාහුල හිමියන් වෙත යොමු කළ ලිපියකින් ඒ පිළිබඳව පැහැදිලි පොරොන්දුවක් ලබා දී තිබූ බව හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේය. උන්වහන්සේගේ සිවුර ඉවත් නොකරන බවට එම ලිපිය මගින් සහතික වී තිබූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් වික්රමසිංහ මහතා කියා සිටියේ, බන්ධනාගාරයේ සිටියදී සිවුර ඉවත් කිරීම විශාල ගැටලුවක් බවත්, එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා එකල ගත් තීරණය අනුව සමාව ලබා දුන් බවත්ය. මෙය ආගමික සහ විනයානුකූල ගැටලුවක් බවත්, බහුතර බෞද්ධ මතය ද එය වූ බවත් ඔහු අවධාරණය කළේය.
තවද, සිරකරුවන්ට සමාව ලබා දීමේදී ලිඛිත හේතු දැක්වීමක් අනිවාර්ය නොවන බවත්, ලේකම්වරුන් හරහා වාචිකව උපදෙස් ලබා දීම සාමාන්ය ක්රියාපටිපාටිය බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර