ජිබුටි වෙරළට ඔබ්බෙන් සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 109 දෙනෙකු මියගොස් තවත් 116කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව ජාත්යන්තර සංක්රමණ සංවිධානය (IOM) පවසයි. පුද්ගලයන් 300කට අධික පිරිසක් රැගත් මෙම යාත්රාව ජිබුටියේ සිට යේමනය බලා ගමන් කරමින් තිබියදී පෙරළී ගොස් ඇත.
මියගිය පිරිස අතර පිරිමින් 52ක්, කාන්තාවන් 42ක් සහ ළමුන් 15ක් සිටින බව මූලික වාර්තා තහවුරු කරයි. අනතුරෙන් දිවි ගලවා ගත් 80කට වැඩි පිරිසක් මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔවුන් සියලු දෙනාම ඉතියෝපියානු ජාතිකයන් බව වාර්තා වේ.
පවතින තොරතුරු අනුව, ඔක්තෝබර් 8 සහ 9 යන දිනවල රාත්රී කාලයේදී ජිබුටියේ ඔබොක් නගරයට උතුරින් පිහිටි ගුහෙරේ ප්රදේශය ආසන්නයේදී මෙම ඛේදවාචකය සිදුව තිබේ. අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් ජිබුටි බලධාරීන් විසින් අඛණ්ඩව සිදු කරමින් පවතී.
දිවි ගලවා ගත් පිරිසට අවශ්ය වෛද්ය සහාය සහ හදිසි ආධාර ලබා දීමට ජාත්යන්තර සංක්රමණ සංවිධානය කටයුතු යොදා ඇත. අප්රිකාවේ හෝන් ප්රදේශයේ සිට ගල්ෆ් කලාපයේ රටවල් වෙත රැකියා සහ යහපත් ජීවන තත්ත්වයක් අපේක්ෂාවෙන් සංක්රමණිකයන් විශාල පිරිසක් නිරන්තරයෙන් මෙම මාර්ගය ඔස්සේ ගමන් කරති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර