ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවති දෙවන ආසියානු ප්රවීණයන්ගේ පිහිණුම් ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකා පිහිණුම් කණ්ඩායම පදක්කම් 52ක් දිනාගනිමින් සාර්ථක ලෙස තරගාවලිය නිමා කර තිබේ.
මෙම තරගාවලිය ඔක්තෝබර් 03 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා ආසියානු කලාපයේ රටවල් නවයකින් ක්රීඩක ක්රීඩිකාවන් 1,200කට අධික පිරිසක් එක්ව සිටියහ.
ශ්රී ලංකා කණ්ඩායම දිනාගත් පදක්කම් සංඛ්යාවට රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 25ක් අයත් වේ. තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකා කණ්ඩායමේ ජ්යෙෂ්ඨතම ක්රීඩකයා වන 67 හැවිරිදි ජෙහාන් පීරිස් මහතා රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීම කැපී පෙනෙන ජයග්රහණයක් විය.
තරගාවලියට සහභාගී වී පැමිණි ක්රීඩක ක්රීඩිකාවන් පිළිගැනීම සඳහා ශ්රී ලංකා ජල ක්රීඩා සංගමයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර