ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ පදිංචි රවිකාන්ත් එස්. පටිල් මහතාට අයත් BMW මෝටර් රථය 2012 වසරේදී මාර්ගය අසල නවතා තිබියදී ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි. ටයරයක් සිදුරු වීම හේතුවෙන් රාත්රී කාලයේ රථය ආරක්ෂිත ස්ථානයක නවතා ඔහු නිවසට ගොස් තිබූ අතර, පසුදින පැමිණි විට රථය ගින්නට හසුවී තිබෙනු දැකගත හැකි විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂණ සමාගම වන්දි ගෙවීම ප්රතික්ෂේප කර තිබුණේ, රථය රාත්රිය පුරා අධීක්ෂණයකින් තොරව තැබීම රක්ෂණ කොන්දේසි උල්ලංඝනය කිරීමක් බව පවසමිනි. කෙසේ වෙතත්, පාරිභෝගික කොමිසම මෙම තර්කය ප්රතික්ෂේප කරමින් සඳහන් කළේ, වාහනයක් ආරක්ෂිත ස්ථානයක නවතා දොරගුළු දමා තිබීම ප්රමාණවත් ආරක්ෂක පියවරක් බවයි.
අදාළ රක්ෂණ සමාගම වන ‘United India Insurance Company’ වෙත රථයේ වටිනාකම වන ඉන්දීය රුපියල් ලක්ෂ 70ක මුදල සහ මානසික පීඩාවන් වෙනුවෙන් වන්දි ඇතුළුව මුළු මුදල වන රුපියල් ලක්ෂ 70.75ක් ගෙවන ලෙස පාරිභෝගික කොමිසම නියෝග කර ඇත.
වසර 14ක් පුරා පැවති මෙම නීතිමය සටන අවසානයේ හිමිකරුට සාධාරණය ඉටුවීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. රක්ෂණ සමාගම විසින් නියමිත වන්දි මුදලට අමතරව පොලියද ගෙවිය යුතු බව කොමිසම වැඩිදුරටත් අවධාරණය කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර