මැලේසියාවේදී Omoda 5 මෝටර් රථයක පසුපස අත්හිටුවීමේ පද්ධතිය රෝද දෙකත් සමඟ ගැලවී යාමේ සිද්ධියක් වාර්තා වීමත් සමඟ, චෙරි (Chery) සමාගම එම මාදිලියේ රථ සඳහා නැවත කැඳවීමේ (Recall) වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය ඔක්තෝබර් 06 වැනිදා වාර්තා වූ මෙම සිද්ධියෙන් අනතුරුව, චෙරි ඔටෝ මැලේසියා සමාගම විසින් ඔක්තෝබර් 11 වැනිදා නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, බලපෑමට ලක්වූ C සහ H මාදිලිවල රථ පරීක්ෂා කර අවශ්ය වුවහොත් අදාළ කොටස් නොමිලේ ප්රතිස්ථාපනය කරන බවයි.
මෙම පරීක්ෂණ කටයුතු මැලේසියාවේ මාර්ග ප්රවාහන දෙපාර්තමේන්තුව සමඟ සමීපව සම්බන්ධීකරණය කරමින් සිදුකරන බවත්, වාහන හිමියන්ට තම රථයේ VIN අංකය ඔස්සේ අදාළ වැඩසටහනට තම රථය අයත් දැයි පරීක්ෂා කරගත හැකි බවත් සමාගම වැඩිදුරටත් දැනුම් දී තිබේ.
මේ අතර, Omoda 5 රථ ශ්රී ලංකාව තුළ අලෙවි කරනු ලබන්නේ හේලීස් (Hayleys) සමාගම විසිනි. කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලාංකික පාරිභෝගිකයන් දැනුවත් කිරීමට හෝ ඒ පිළිබඳව නිල ප්රකාශයක් කිරීමට අදාළ සමාගම මේ දක්වා පියවර ගෙන නොමැත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර