ශ්රී ලංකාව සහ ලිතුවේනියාව අතර රාජ්යතාන්ත්රික සබඳතා ආරම්භ වී වසර 30ක් සපිරීම නිමිත්තෙන්, දෙරට අතර සමාරම්භක ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡා කොළඹදී පැවැත්විණි. විදේශ කටයුතු නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර සහ ලිතුවේනියානු විදේශ කටයුතු උප අමාත්ය විද්මන්ටාස් වර්බිකාස් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්වුණි.
මෙම අවස්ථාවේදී ශ්රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණය සහ ව්යුහාත්මක ප්රතිසංස්කරණ පිළිබඳව පැහැදිලි කළ නියෝජ්ය අමාත්යවරයා, පුනර්ජනනීය බලශක්ති, සැපයුම් දාම, සංචාරක සහ ඩිජිටල් තාක්ෂණ යන ක්ෂේත්රවල පවතින ආයෝජන අවස්ථා ප්රයෝජනයට ගන්නා ලෙස ලිතුවේනියානු ආයෝජකයින්ට ආරාධනා කළේය.
ලිතුවේනියානු උප අමාත්යවරයා සිය රට සතු මූල්ය තාක්ෂණ (FinTech), සයිබර් ආරක්ෂාව, ජීව විද්යාව සහ ලේසර් තාක්ෂණය වැනි ක්ෂේත්රවල පවතින විශේෂඥ දැනුම පිළිබඳව අවධාරණය කළේය. දෙරටේ තාක්ෂණික ආයතන අතර දැනුම හුවමාරු කර ගැනීමට සහ ව්යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කළහ.
එමෙන්ම, වෙළෙඳාම, ආයෝජන, උසස් අධ්යාපන සහ සංස්කෘතික සබඳතා විධිමත් කිරීම සඳහා නව ගිවිසුම් ආරම්භ කිරීමට නියෝජිත කණ්ඩායම් තීරණය කර ඇත. මෙම සාකච්ඡාවලට සමගාමීව දෙරට අතර නිත්ය ද්විපාර්ශ්වික සංවාදයක් පවත්වාගෙන යාම සඳහා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තැබිණි.
අනාගත සහයෝගීතාව තවදුරටත් පුළුල් කරමින්, දෙවන වටයේ සාකච්ඡා 2027 වසරේදී ලිතුවේනියාවේ විල්නියස් නුවරදී පැවැත්වීමට දෙරටම එකඟ වී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර