යාපනයේ පිහිටි තික්කම් මධ්යසාර නිෂ්පාදනාගාරය යළි සක්රීය කිරීම සඳහා අවශ්ය පියවර ගැනීමට රජය තීරණය කර ඇත. මෙම නිෂ්පාදනාගාරය අපනයන ඉලක්ක කරගත් නිෂ්පාදන මධ්යස්ථානයක් ලෙස දියුණු කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා පවතින සියලුම බාධාවන් ඉවත් කිරීමට කටයුතු කරන බව බලධාරීහු පවසති.
පසුගිය රජය සමයේ පනෙයි සංවර්ධන මණ්ඩලය සහ පෞද්ගලික ආයතනයක් අතර අත්සන් කර ඇති ගිවිසුමක නීතිමය තත්ත්වය පිළිබඳව මේ වන විට ගැටලු මතු වී තිබේ. එම ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගැනීමටත්, ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීමටත් රජය තීරණය කර ඇත.
මෙම කර්මාන්තශාලාව යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ධීවර හා ජලජ සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර්, උතුරු පළාත් ආණ්ඩුකාර නා. වේදනායගම් සහ නියෝජ්ය අමාත්ය සුන්දරලිංගම් ප්රදීප් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර, ඊට අදාළ ක්ෂේත්රවල නිලධාරීන් සහ සමුපකාර සමිති නියෝජිතයෝ ද සහභාගී වූහ.
පනෙයි සංවර්ධන මණ්ඩලය සහ පෞද්ගලික ආයතනයක් අතර 2022 වසරේ අත්සන් කර ඇති වසර 25ක කාලයකට වලංගු එම ගිවිසුම හේතුවෙන් සමුපකාර සමිතිවලට හිමිවිය යුතු ප්රතිලාභ අහිමි වී ඇති බව ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, නීතිමය ගැටලු විසඳා ගනිමින් සමුපකාර සමිතිවලට බලය ලබා දෙමින් පෞද්ගලික ආයෝජකයන් සමඟ එක්ව මෙම කර්මාන්තශාලාව සාර්ථකව පවත්වාගෙන යාමේ හැකියාව සොයා බලන ලෙස ද ඔහු උපදෙස් ලබා දුන්නේය.
සමුපකාර ව්යාපාරය ශක්තිමත් කිරීමේ රජයේ ප්රතිපත්තියට අනුව, තික්කම් මධ්යසාර නිෂ්පාදනාගාරය ද දේශීය ආර්ථිකයට දායක වන පරිදි යළි සක්රීය කිරීමට අවශ්ය කඩිනම් පියවර ගන්නා බව බලධාරීහු අවධාරණය කළහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර