පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාව හරහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ඉන්දියාවට භාණ්ඩ ආනයනය කිරීමේ ජාවාරමක් ඉන්දීය ආදායම් බුද්ධි අධ්‍යක්ෂක කාර්යාලය (DRI) විසින් අනාවරණය කරගෙන ඇත. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පකිස්ථානයෙන් ඉන්දියාවට භාණ්ඩ ආනයනය කිරීම තහනම් කර ඇති පසුබිමක, මෙම ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව හරහා භාණ්ඩ ප්‍රවාහනය කරමින් මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි සමාගමක් හරහා කොළඹ වරාය ඔස්සේ මෙම භාණ්ඩ ඉන්දියාවට යවා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

පසුගිය මාර්තු මාසයේ සිට සැප්තැම්බර් 26 සහ ඔක්තෝබර් 11 අතර කාලය තුළ පමණක් කන්ටේනර් 295ක් හරහා මෙම භාණ්ඩ තොග ඉන්දියාවට ගෙනවිත් ඇත. මෙලෙස ජාවාරම් කර ඇති කනිජ ද්‍රව්‍ය සහ ලුණු ඇතුළු භාණ්ඩ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 7.3කට අධික බව සඳහන් වේ.

ඉන්දියාවේ මුන්ද්‍රා සහ කන්ඩ්ලා වරායන් හරහා මෙම භාණ්ඩ තොග රට තුළට ඇතුළු කර ඇති අතර, එහි සමස්ත වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 30 ඉක්මවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version