විදුලි බල හා බලශක්ති හිටපු ඇමතිනී පවිත්රා වන්නිආරච්චි මහත්මිය ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියාය. කොමිසම විසින් සිදු කළ දැනුම් දීමකට අනුව ඇය එහි පැමිණි අතර, පැය තුනකට අධික කාලයක් ඇයගෙන් ප්රශ්න කර සාක්ෂි සටහන් කරගෙන ඇත.
ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසම ඇයගෙන් සාක්ෂි සටහන් කරගත් පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ. මීට පෙර ඇයගෙන් කටඋත්තරයක් පමණක් ලබාගෙන තිබුණි.
මෙම කොමිෂන් සභාව මේ වන විට පුද්ගලයන් 70කට ආසන්න සංඛ්යාවකගෙන් සාක්ෂි ලබාගෙන ඇති අතර, සටහන් කරගෙන ඇති කටඋත්තර සංඛ්යාව 370කි. ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.
අදාළ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මෙම මස අවසානයේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇත.
