ඉංගිරිය පොලිස් වසමේ හඳපාංගොඩ ප්රදේශයේදී සිදු වූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලිසිය සමත්ව තිබේ.
පසුගිය ඔක්තෝබර් 11 වන දින හඳපාංගොඩ ප්රදේශයේදී පුද්ගලයෙකුට එල්ල වූ දරුණු පහරදීමක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහල් පොලිස් මුරපොල මගින් ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
එම විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත, ඊයේ (14) උදෑසන කාලයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා 45 හැවිරිදි වියේ පසුවන කිරිගල, හඳපාංගොඩ ප්රදේශයේම පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර