ඊයේ (17) අලුයම 1.00 ට පමණ ප්රධාන විදුලි සම්ප්රේෂණ පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුම හදිසියේම ඇනහිට තිබුණි.
කෙසේ වෙතත්, ජාතික විදුලි පද්ධතියේ ක්රියාකාරීන්ගේ මැදිහත්වීමෙන් ඊයේ රාත්රී 10.00 වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම හදිසි විදුලි බිඳවැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.
විදුලි බිඳවැටීම හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්රදේශවල ජල සැපයුමටද බාධා එල්ල වී තිබුණි. කෙසේ වෙතත්, මේ වන විට ජල සැපයුමද සාමාන්ය පරිදි ක්රියාත්මක වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තහවුරු කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර