ගල්ගමුව සහ ඒ අවට ප්‍රදේශයේ දශක ගණනාවක් පුරා අභිමානවත් ලෙස සැරිසැරූ ගල්ගමුවේ කාවන්තිස්ස හස්තියා පසුගියදා ජීවිතයෙන් සමුගත්තේය. මෙරට සිටි විශාලතම සහ වඩාත්ම ප්‍රසිද්ධ වනගත හස්තියෙකු ලෙස සැලකෙන මොහුගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

පසුගිය දින කිහිපයේදී කාවන්තිස්ස හස්තියා පාදයක ඇතිවූ තුවාලයක් හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටි බව වාර්තා විය. ආහාර නොගැනීම නිසා ශරීරය බෙහෙවින් දුර්වල වී තිබූ හස්තියාට ප්‍රතිකාර ලබා දුන්නද, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය.

මේ අතර, වන අලි සංරක්ෂණය සහ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල පිළිබඳවද අවධානය යොමුව තිබේ. දුම්රිය අනතුරුවලින් වන අලීන් මියයාම අවම කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිතයෙන් දුම්රිය එන්ජින්වල තාප සංවේදී කැමරා සවිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

එමෙන්ම, ප්‍රධාන අලි කොරිඩෝ නැවත විවෘත කිරීම, වනජීවී ආරක්ෂකයින් බඳවා ගැනීම සහ අලි වැට නඩත්තුව සඳහා ස්ථීර සේවකයින් පත් කිරීම ඇතුළු පියවර රැසක් රජය විසින් ගෙන තිබේ. වනජීවීන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ජාතික මට්ටමින් නව රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම සහ පින්නවල අලි අනාථාගාරය පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වැනි වැඩසටහන් ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version