බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් යහපත් පුරවැසියන් ලෙස සමාජයට නැවත එක් කිරීමේ අරමුණින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පුළුල් වැඩපිළිවෙළක් දියත් කර තිබේ. සිරකරුවන්ගේ පුනරුත්ථාපන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සහ ඔවුන් නීතිගරුක පුද්ගලයින් ලෙස සමාජගත කිරීම මෙහි ප්රධාන අරමුණයි.
මෙම වැඩසටහන යටතේ සිරකරුවන්ට කෘෂිකර්මාන්තය, සත්ව පාලනය සහ තාක්ෂණික ක්ෂේත්රයන් ඔස්සේ වෘත්තීය පුහුණුව ලබා දීමට පියවර ගෙන ඇත. එමගින් ඔවුන්ගේ ශ්රමය රටේ සංවර්ධන කටයුතු සඳහා ඵලදායී ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වේ.
බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීමට සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇත. තවද, බන්ධනාගාර නිලධාරීන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සහ ඔවුන්ගේ වෘත්තීය තෘප්තිය වර්ධනය කිරීම සඳහා අවශ්ය පුහුණු වැඩසටහන් ද ක්රියාත්මක කිරීමට නියමිතය.
බන්ධනාගාර පරිපාලනය වඩාත් විධිමත් කිරීම සඳහා තොරතුරු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීමටත්, සිරකරුවන්ගේ සුබසාධන කටයුතු ප්රවර්ධනය කිරීමටත් පියවර ගෙන ඇති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ප්රතිසංස්කරණ හරහා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට දායක වීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර