පරිසර අමාත්යාංශයේ ඉල්ලීමකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතාගේ නියෝග මත මෙම විශේෂ මෙහෙයුම ක්රියාත්මක කෙරේ.
අනුරාධපුර, තිරප්පනේ ප්රදේශයේ වනාන්තර ආශ්රිතව මෙම සත්වයා අතුරුදන්ව ඇති බවට වාර්තා වීමත් සමඟ, එම සත්වයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් යුද හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානයට යොමු කර ඇත.
වනජීවී නිලධාරීන් සමඟ එක්ව යුද හමුදා කණ්ඩායම මේ වන විට අදාළ ප්රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටින බව ආරක්ෂක අමාත්යාංශය සඳහන් කරයි.
අතුරුදන් වූ ඇතා සොයා ගැනීම සඳහා රජයේ මැදිහත්වීම මත මෙලෙස ත්රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට පියවර ගෙන තිබේ.
