ආසියාවේ පවතින පොදු අභියෝග ජය ගැනීම සඳහා කලාපීය රටවල් අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගත යුතු බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා පවසයි. අසර්බයිජානයේ බාකු නුවර පැවති ආසියාවේ අන්තර්ක්රියා සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) හත්වැනි සැසිවාරයට එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
ආසියාවේ ආර්ථික විභවයන් නිසි ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා කලාපීය සම්බන්ධතා වර්ධනය කිරීම, ඩිජිටල් පරිවර්තනය සහ තිරසාර සංවර්ධනය අත්යවශ්ය බව ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්ර පුළුල් කිරීම සඳහා සමුද්රීය, ගුවන් සහ ඩිජිටල් සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
සයිබර් අපරාධ, දේශසීමා හරහා සිදුවන අපරාධ සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ආපදා වැනි පොදු අභියෝගවලට සාමූහිකව මුහුණ දිය යුතු බවද හෙතෙම කියා සිටියේය. එමෙන්ම, සියලු දෙනාට ප්රවේශ විය හැකි ආරක්ෂිත ඩිජිටල්කරණයක් සහ තිරසාර සංචාරක කර්මාන්තයක් ප්රවර්ධනය කිරීමේ අවශ්යතාව ද ඔහු පෙන්වා දුන්නේය.
අන්යෝන්ය විශ්වාසය තහවුරු කරමින් හවුල්කාරිත්වය වර්ධනය කිරීම තුළින් සාමකාමී සහ සමෘද්ධිමත් ආසියාවක් ගොඩනැගීමට ශ්රී ලංකාව කැපවී සිටින බව අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ සඳහා CICA සාමාජික රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට ශ්රී ලංකාව සූදානම් බවද ඔහු අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර