ශ්රී ලංකාවේ ප්රවාහන හා යටිතල පහසුකම් ක්ෂේත්රයන් නවීන තාක්ෂණය භාවිතයෙන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ෆින්ලන්ත රජයේ සහාය ලබා ගැනීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී පැවැත්වුණු අතර, ඊට ශ්රී ලංකාවේ ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය විමල් රත්නායක මහතා සහ ෆින්ලන්තයේ ප්රවාහන හා සන්නිවේදන අමාත්ය ලුලු රන්නේ මහත්මිය සහභාගී වූහ.
මෙම හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්ම ශ්රී ලංකාවේ ප්රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ තිරසර පද්ධතියක් බවට පත් කිරීම සඳහා ෆින්ලන්තයේ පවතින උසස් තාක්ෂණික අත්දැකීම් සහ විශේෂඥ දැනුම උපයෝගී කරගැනීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.
ප්රවාහන ක්ෂේත්රයේ අනාගත ප්රතිසංස්කරණ කටයුතු සාර්ථක කරගැනීම සඳහා දෙරටේ අත්දැකීම් හුවමාරු කරගැනීම මහත් රුකුලක් වනු ඇති බව අමාත්යවරුන් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්හ.
