යාපනය, කෝපායි – කල්යාන්කාඩු ප්රදේශයේ නිවසක රහසිගතව සඟවා තිබූ අධිබලැති එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි 5ක් පොලිස් භාරයට ගෙන ඇත.
යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම යතුරුපැදි සොයාගෙන තිබේ. එම ස්ථානයේ තිබී යතුරුපැදිවලට අදාළ ව්යාජ ලියාපදිංචි සහතික කිහිපයක් ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්යාන්කාඩු ප්රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සහ සොයාගත් යතුරුපැදි ඇතුළු ව්යාජ ලේඛන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. කෝපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර