ශ්රී ලංකාවේ දැවැන්තම වන අලියෙකු ලෙස ප්රකට කාවන්තිස්ස හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකු ද වන බව වාර්තා වේ. මොවුන් ඇහැටුවැව ප්රදේශයේ පදිංචි 34 ත් 67 ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් වේ.
සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවි දෙකක් සහ උණ්ඩ 24ක් සොයාගෙන ඇති අතර, මුව මස් කිලෝ තුනක් සහ ඉත්තෑ මස් කිලෝවක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් එම නිලධාරියා මීට මාස හතරකට පෙර එම ප්රදේශයේම විසූ ‘ඩයනා’ නමැති ඇතින්න ද වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්ගමුව වනජීවී කාර්යාලය වෙත භාර දී ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර