කාවන්තිස්ස ඇතා ඇතුළු වන අලි ගණනාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිසර අමාත්යාංශය පවසයි.
මෙම අපරාධ පිටුපස කිසියම් සංවිධානාත්මක ජාලයක් ක්රියාත්මක වන්නේද යන්න පිළිබඳව සොයා බලන ලෙස අමාත්යාංශය විසින් පොලිසියෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලා ඇත.
ඩයනා ඇතුළු අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණද, ඔහු සැබෑ ලෙසම සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයෙකුද යන්න තවමත් තහවුරු කර ගත යුතුව පවතී.
සිද්ධීන් අතර කිසියම් සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදුකර, ඊට වගකිව යුතු සියලු පාර්ශ්වයන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන බව අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර