සාමාන්ය විදුලි සංදේශ ජාල හරහා අන්තර්ජාල සබඳතා ලබා ගැනීමට අපහසු පාසල් 334ක් හඳුනාගෙන ඇති බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය. මෙම පාසල් සඳහා වයිෆයි (Wi-Fi) පහසුකම් ලබා දීමේ වගකීම පෞද්ගලික ආයතනයක් වෙත පවරා ඇත.
භූගෝලීය දුෂ්කරතා හේතුවෙන් සාමාන්ය ක්රමවේද ඔස්සේ අන්තර්ජාල පහසුකම් සැපයිය නොහැකි තවත් දුෂ්කර පාසල් 10ක් සඳහා චන්ද්රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සැපයීමට අපේක්ෂා කරන බව නිලධාරීන් පෙන්වා දුන්හ.
අධ්යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු කඩිනමින් විසඳන ලෙස අග්රාමාත්ය සහ අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය. පාසල්වල පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සඳහා වෙන් කළ මුදල් නිසි ලෙස භාවිත කිරීමේ වැදගත්කම ඇය අවධාරණය කළාය.
ප්රාථමික පාසල් සංවර්ධනය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, කුඩා දරුවන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් විවේකාගාර සහ කියවීම් කාමරවල අවශ්යතාවය අගමැතිවරිය පෙන්වා දුන්නාය. එසේම, ප්රාථමික අංශවල එක් ශ්රේණියකට එක් සුහුරු පන්ති කාමරයක් (Smart classroom) පමණක් සීමා කරන ලෙසද ඇය උපදෙස් ලබා දුන්නාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර