ඉන්දියානු සිනමාවේ ජනප්රිය නිළි සයි පල්ලවී, බැංගලෝරයේදී පැවති ‘රාමායණ’ චිත්රපටයේ ජාත්යන්තර ට්රේලරය එළිදැක්වීමේ උත්සවයට එක්වූයේ කාගේත් නෙත් සිත් ඇදගන්නා සුළු පෙනුමකිනි. ඇය එම අවස්ථාව සඳහා තෝරාගෙන තිබුණේ රිදී පැහැති සර්දෝසි එම්බ්රොයිඩරි මෝස්තර සහිත රෝස පැහැති සේද සාරියකි.
චිත්රපටයේ සීතාගේ චරිතයට පණ පොවන සයි පල්ලවී, මෙම උත්සවයේදී අනුගමනය කර තිබූ සරල සහ සාම්ප්රදායික ඇඳුම් විලාසය ඉන්දියානු සාම්ප්රදායික නිර්මාණ කලාවේ සියුම් බව මනාව විදහා දැක්වීය. ඇයගේ මෙම පෙනුම සම්පූර්ණ කිරීම සඳහා අවම වේශ නිරූපණයක් සහ සරල ආභරණ භාවිත කර තිබිණි.
මෙම උත්සවයට රන්බීර් කපූර්, යෂ්, රකුල් ප්රීත් සිං සහ අධ්යක්ෂ නිතිෂ් තිවාරි ඇතුළු සිනමා ක්ෂේත්රයේ ප්රබලයන් රැසක් එක්ව සිටියහ. එහිදී අදහස් දැක්වූ සයි පල්ලවී, සීතා මාතාවගේ චරිතය නිරූපණය කිරීමට ලැබීම තමන්ට ලැබුණු මහත් භාග්යයක් බව සඳහන් කළාය.
ඇය වැඩිදුරටත් කියා සිටියේ ‘රාමායණ’ යනු තමන්ට පැවරුණු විශාල වගකීමක් බවයි. චිත්රපටයේ කටයුතු අතරතුර එම චරිතයේ ගුණාංග කිහිපයක් තමන් තුළට එක් කර ගැනීමට හැකි වූ බව ද ඇය පැවසුවාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර