පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවන් සමත් විය.
ශ්රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය යන රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වූ මෙම තරගාවලියේදී ශ්රී ලංකා ක්රීඩිකාවන් දැක්වූ දක්ෂතා කැපී පෙනුණි.
මෙම තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ ශ්රී ලංකා යොවුන් ක්රීඩිකා සංජානා කාවින්දි, අවසන් මහා තරගයේ මෙන්ම සමස්ත තරගාවලියේම දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මාන ද්විත්වයම දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.
තරගාවලිය නිමාවෙන් පසු ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (18) රාත්රී 10.43ට පමණ ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-186 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර