ඇමරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ මැමෝත් ලේක්ස් (Mammoth Lakes) ප්රදේශයේ පිහිටි පුස්තකාලයකට අලුයම ඇතුළු වූ කළු වලසෙකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්ය වාර්තා කරයි. පසුගිය ඔක්තෝබර් 14 වැනිදා උදෑසන 6.10ට පමණ මෙම සත්වයා පුස්තකාල ගොඩනැගිල්ලට ඇතුළු වී ඇති බව ආරක්ෂක කැමරා දර්ශනවලින් තහවුරු වී තිබේ.
පුස්තකාලය මහජනතාව සඳහා විවෘත කිරීමට නියමිතව තිබුණේ උදෑසන 10ට බැවින්, එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලය හෝ වෙනත් කිසිවෙකු එහි සිට නැත. වලසා ගොඩනැගිල්ල තුළ සැරිසරමින් කාර්ය මණ්ඩලය සඳහා වෙන් කර තිබූ රටකජු බටර්, බිස්කට්, පීච් පලතුරු කෝප්ප සහ මී පැණි බඳුනක් ආහාරයට ගෙන ඇති බව පුස්තකාල බලධාරීන් පවසයි.
මෙම සිදුවීම අහඹු ලෙස සිදුව ඇත්තේ ප්රකට ළමා කතා චරිතයක් වන ‘විනී ද පූ’ (Winnie the Pooh) ගේ පළමු කෘතිය ප්රකාශයට පත් කර වසර 100ක් සපිරුණු දිනයේ වීම විශේෂත්වයකි. මී පැණිවලට දැඩි ඇල්මක් දක්වන එම චරිතය සිහිපත් කරමින්, පුස්තකාල බලධාරීන් මෙම වලසාට හාස්යජනක ලෙස ‘අලුත් පුස්තකාලයාධිපති’ යන නම පටබැඳ තිබේ.
වාසනාවකට මෙන්, මෙම සිදුවීමෙන් පුස්තකාලයේ පොත්පත්වලට හෝ දේපළවලට කිසිදු හානියක් සිදුව නොමැත. සේවකයන් පැමිණීමට පෙර වලසාම ගොඩනැගිල්ලෙන් පිටව ගොස් තිබූ අතර, වන සතුන් සමඟ කටයුතු කිරීමේදී ආරක්ෂිත දුරක් පවත්වා ගන්නා ලෙස බලධාරීන් ජනතාවට නැවතත් සිහිපත් කර සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර