ඇමෙරිකාව විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි පිළිගන්නා තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකරන බව ඉරානය යළිත් වරක් අවධාරණය කර තිබේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක බලශක්ති සැපයුම සම්බන්ධයෙන් තීරණාත්මක වන මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති කරුණකි. ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින මතභේදාත්මක තත්ත්වය සමනය කර ගැනීම සඳහා මේ වන විටත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පවතී.

වාර්තා වන පරිදි, මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා පාකිස්තානය සහ කටාර් රාජ්‍යයන්ගේ මැදිහත්වීමෙන් දෙරට අතර සාකච්ඡා වට කිහිපයක් අඛණ්ඩව සිදුවෙමින් පවතී. කෙසේ වෙතත්, ඉරානය තවදුරටත් සිය දැඩි ස්ථාවරයේම රැඳී සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version