සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන එන ලද පියවරක් බවත්, ඒ පිළිබඳව ජනතාව නොමඟ යැවීමේ ප්රකාශවලින් වළකින ලෙසත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී අමාත්යවරයා මේ බව අවධාරණය කළේය.
පනතේ අඩංගු කරුණු විකෘති කරමින් ඇතැම් පාර්ශ්ව අසත්ය ප්රචාර ගෙන යන බවත්, විශේෂයෙන්ම කොණ්ඩ මෝස්තර හෝ පච්ච කොටා ගැනීම් සම්බන්ධයෙන් පනතේ කිසිදු සඳහනක් නොමැති බවත් අමාත්යවරයා පෙන්වා දුන්නේය. අපරාධ කල්ලිවලට සම්බන්ධ සාමාජිකයන් හඳුනා ගැනීම සඳහා ජාත්යන්තරව පිළිගත් නිර්ණායක පනතට ඇතුළත් කර ඇති බව ඔහු පැහැදිලි කළේය.
“සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක ප්රකට සාමාජිකයන් විසින් භාවිතා කරනු ලබන සලකුණු හෝ සංකේත පිළිබඳව මිස, සාමාන්ය පුද්ගලයෙකුගේ පෞද්ගලික අයිතිවාසිකම්වලට හෝ කොණ්ඩ මෝස්තරවලට මෙහි කිසිදු සම්බන්ධයක් නැත,” යනුවෙන් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම පනත ව්යවස්ථා විරෝධී බවට යම් පාර්ශ්වයකට හැඟේ නම්, එය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට අවස්ථාව ඇති බවත්, පදනම් විරහිත භීතියක් සමාජගත කිරීම වෙනුවට රටේ යහපත උදෙසා දැනුම භාවිතා කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර