ත්රිකුණාමලය, 4 කණුව හන්දිය ප්රදේශයේ පිහිටි නවාතැන්පොළක හිමිකරුවෙකු අභිරහස් ලෙස ඝාතනය කර තිබේ. මෙම ඝාතනය ඊයේ (20) රාත්රී කාලයේදී සිදුව ඇති බව පොලිසිය තහවුරු කරයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා 56 හැවිරිදි ත්රිකුණාමලය, සිංහපුර ප්රදේශයේ පදිංචිකරුවෙකි. නවාතැන්පොළ තුළ ඔහු තනිව සිටියදී කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් මෙම අපරාධය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
තියුණු ආයුධයකින් ගෙල කැපීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. කෙසේ වෙතත්, මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් ත්රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්රියාත්මකයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර