දැදුරු ඔය ද්රෝණියේ ඉහළ සහ මධ්යම ප්රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටම ගංවතුර මට්ටමකට ළඟා වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති අතර, තත්පරයකට ඝන අඩි 16,500ක ජල ධාරිතාවක් ගඟට මුදා හැරීමට පියවර ගෙන තිබේ.
ජලාශයට ලැබෙන ජල ප්රමාණය තවදුරටත් ඉහළ ගියහොත්, මුදාහරින ජල ප්රමාණය ද වැඩි කිරීමට සිදුවනු ඇති බව බලධාරීන් සඳහන් කරයි. මෙම තත්ත්වය හමුවේ දැදුරු ඔය නිම්නයේ පහළ ප්රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.
වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත. එම ප්රදේශ හරහා ගමන් කරන රියදුරන් ද පවතින කාලගුණික තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
ගංවතුර අවදානමක් පවතින බැවින්, ආපදා කළමනාකරණ අංශවල උපදෙස් පරිදි පූර්ව සූදානම් සහ ආරක්ෂක පියවර ගන්නා ලෙස ප්රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර