පාකිස්තානයේ පැවති තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ශ්රී ලංකා කණ්ඩායම වාර්තා කළ සුවිශේෂී ජයග්රහණය පිළිබඳව හිටපු නායක සහ ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටු සාමාජික කුමාර් සංගක්කාර සිය අදහස් පළ කර තිබේ.
පවන් රත්නායක, දසුන් ශානක, අවිශ්ක ප්රනාන්දු සහ ජනිත් ලියනගේ දැක්වූ දක්ෂතා මත මෙම ජයග්රහණය අත්කර ගත් අතර, එය ජාත්යන්තර එක්දින ක්රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් හඹාගොස් ලැබූ දෙවන විශිෂ්ටතම ජයග්රහණය ලෙස සටහන් විය.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් සංගක්කාර පෙන්වා දෙන්නේ, මෙම ජයග්රහණයේ ප්රීතිය විඳගන්නා අතරතුරම, කණ්ඩායම ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා සිය අවධානය යොමු කළ යුතු බවයි.
ලබන වසරේ දකුණු අප්රිකාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින්, කණ්ඩායම ශක්තිමත් කිරීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙලක අවශ්යතාවය ද ඔහු අවධාරණය කරයි.
මෙම ජයග්රහණය පදනම් කරගනිමින් කණ්ඩායම ඉහළම මට්ටමකට ගෙන ඒම සඳහා ක්රමානුකූල සැලසුම් ක්රියාත්මක කිරීමේ වගකීම ක්රිකට් බලධාරීන් සතු බවද හිටපු නායකයා වැඩිදුරටත් සිහිපත් කර සිටී.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර