දකුණු පැසිෆික් සාගරයේ වනුආටු දූපත් ආශ්රිතව අද (24) අලුයම ප්රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. ඇමෙරිකානු භූ විද්යා සමීක්ෂණ ආයතනයට අනුව, මෙම කම්පනය රිච්ටර් පරිමානයේ ඒකක 7.2ක් ලෙස සටහන්ව ඇත.
භූ කම්පනය හටගෙන ඇත්තේ වනුආටුහි සෝලා ප්රදේශයට කිලෝමීටර් 200ක් පමණ බටහිර දෙසින්, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරිනි.
මෙම තත්ත්වය හේතුවෙන් භූ කම්පනයේ කේන්ද්රස්ථානයට ආසන්න කිලෝමීටර් 300ක වපසරියක වෙරළබඩ කලාපවලට සුනාමි අවදානමක් පවතින බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම ස්වාභාවික ආපදාව හේතුවෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර