හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ 29 හැවිරිදි තරුණයෙකු පොලිස් භාරයේ සිටියදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ. කිරිවත්තුඩුව, මූණමැලේවත්ත ප්රදේශයේ පදිංචිව සිටි මෙම තරුණයා පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ ‘අයිස්’ මත්ද්රව්ය ළඟ තබාගෙන සිටි බවට සැකපිටය.
පොලිසිය පවසන පරිදි, සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී හදිසියේ රෝගාතුර වී ඇත. අනතුරුව ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත. ඒ අතර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, දූෂණ මර්දන හා වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකු ද වේ.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, වැඩබලන මහේස්ත්රාත්වරයා විසින් රෝහලට පැමිණ මහේස්ත්රාත් පරීක්ෂණයක් ද සිදු කරනු ලැබීය. මරණයට නිශ්චිත හේතුව තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) කළුබෝවිල රෝහලේදී පැවැත්වීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ බස්නාහිර පළාත් දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වෙන වෙනම විමර්ශන මෙහෙයවනු ලබයි. හෝමාගම කොට්ඨාසය භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම විමර්ශන ක්රියාත්මක වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර