ඊශ්රායලයේ 26 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේ මහ මැතිවරණය අද (27) ආරම්භ විය. අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් පාලක පක්ෂයට යළි බලය හිමිවේද යන්න පිළිබඳව ජාත්යන්තර ප්රජාවගේ දැඩි අවධානය යොමුව තිබේ.
2023 ඔක්තෝබර් 7 වනදා එල්ල වූ හමාස් ප්රහාරයෙන් පසුව පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වීම විශේෂත්වයකි. ආරක්ෂක තත්ත්වය, හමාස් සංවිධානය සමඟ පවතින ගැටුම්, ප්රාණ ඇපකරුවන්ගේ ඉරණම සහ රජයේ ආර්ථික ප්රතිපත්ති මෙවර මැතිවරණයේ තීරණාත්මක සාධක බවට පත්ව ඇත.
එරට පාර්ලිමේන්තුවේ ආසන 120ක් සඳහා නියෝජිතයින් තෝරා ගැනෙන අතර, බහුතර බලය තහවුරු කර ගැනීමට ඕනෑම පක්ෂයකට හෝ සන්ධානයකට ආසන 61ක අවම සංඛ්යාවක් අවශ්ය වේ. කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතරයක් නොලැබුණහොත් සන්ධාන රජයක් පිහිටුවීමේ අවශ්යතාව මතුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඡන්ද විමසීම සඳහා එරට වේලාවෙන් රාත්රී 10 දක්වා කාලය වෙන් කර ඇති අතර, ඇතැම් විශේෂිත ඡන්ද මධ්යස්ථානවල ඡන්දය ප්රකාශ කිරීම රාත්රී 8ට අවසන් වීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර