මුලතිව් දිස්ත්රික්කයේ මන්තායි නැගෙනහිර සහ තුනුක්කායි ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවගේ දිගුකාලීන පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදෙමින්, කරුම්පුලියන් ජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේ ව්යාපෘතිය හෙට (28) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්රියාත්මක කරන ලද මෙම ව්යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,800ක ආයෝජනයක් සිදුකර ඇත. ව්යාපෘතියේ ඉදිකිරීම් යටතේ කිලෝමීටර් 75ක දිගින් යුත් නව ජල බෙදාහැරීමේ නල පද්ධතියක් ස්ථාපිත කර තිබේ.
දිනකට ඝන මීටර් 4,000ක ජල ධාරිතාවක් සැපයීමේ හැකියාව මෙම ව්යාපෘතිය සතු වන අතර, ඒ හරහා ප්රදේශයේ ප්රතිලාභීන් 23,600කට සෘජු සෙත සැලසෙනු ඇත. ජනතාවගේ සෞඛ්ය තත්ත්වය සහ සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීම මෙන්ම ප්රදේශයේ තිරසර සංවර්ධනය දිරිමත් කිරීම මෙම ව්යාපෘතියේ මූලික අරමුණු වේ.
සුරක්ෂිත පානීය ජලය සඳහා ප්රවේශය පුළුල් කිරීම මගින් එම ප්රදේශවල ජන ජීවිතය වඩාත් පහසු වනු ඇතැයි ජල සම්පාදන මණ්ඩලය අපේක්ෂා කරයි.
AI illustration; not a photograph of the reported event.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර