ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශ් සහ ඔඩිෂා ප්රාන්තවලට බලපා ඇති ‘අර්නාබ්’ (Arnab) සුළි කුණාටුව හේතුවෙන් දැඩි කාලගුණික තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඉන්දීය කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම සුළි කුණාටුව ඉතා ප්රබල මට්ටමේ පවතින අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 140ක් දක්වා ඉහළ යා හැකි බවට අනතුරු අඟවා ඇත.
සුළි කුණාටුවේ බලපෑමෙන් ආන්ද්රා ප්රදේශ් සහ ඔඩිෂා ප්රාන්තවල පුද්ගලයින් 180,000කට අධික පිරිසක් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇත. විශාකාපට්නම් ඇතුළු ප්රදේශ කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වේ.
කුණාටුව හේතුවෙන් ප්රාන්ත දෙකෙහිම විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති අතර ගස් කඩා වැටීම් සහ ගමනාගමන කටයුතුවලට බාධා සිදුවී ඇත. ඇතැම් ගුවන් ගමන් සහ දුම්රිය සේවා අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ඉදිරි පැය කිහිපය තුළත් මෙම බලපෑම පැවතිය හැකි බව කාලගුණ බලධාරීන් පවසයි. පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින් ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් ලබා දී ඇත. වාසනාවකට මෙන්, මේ දක්වා කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර