2027 වසරේ ලෝක ජල දිනය සැමරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ඒකාබද්ධ ජාතික වැඩසටහනක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්ය සුසිල් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩසටහන අරමුණු 14ක් යටතේ ක්රියාත්මක කිරීමට නියමිත අතර, ජල ක්ෂේත්රයේ පවතින ගැටලු සඳහා සාමූහික විසඳුම් සෙවීම සහ ජල සම්පත් කළමනාකරණය ප්රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි. එමෙන්ම ජල සංරක්ෂණය, ආරක්ෂිත පානීය ජලය සහ සනීපාරක්ෂාවේ වැදගත්කම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරේ.
2027 මාර්තු 23 වැනිදා කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී ප්රධාන සැමරුම් උත්සවය පැවැත්වීමට යෝජිතය. ඊට සමගාමීව ජල දින සැමරුම් සතියක් ප්රකාශයට පත් කිරීමටත්, ජල ක්ෂේත්රයේ නවෝත්පාදන සහ තාක්ෂණය ප්රදර්ශනය කෙරෙන ජාතික ප්රදර්ශනයක් පැවැත්වීමටත් සැලසුම් කර ඇත.
ජලයේ ගුණාත්මකභාවය, අපජල කළමනාකරණය, ආහාර සුරක්ෂිතතාව සහ ජල කළමනාකරණය වැනි ප්රමුඛ ක්ෂේත්ර ආවරණය වන පරිදි ජාතික මට්ටමේ කමිටු ස්ථාපිත කිරීමට ද නියමිතය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අදාළ රාජ්ය ආයතනවල නිලධාරීන් රැසක් සිය දායකත්වය ලබාදීමට එකඟ වී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර