අස්වැසුම සුබසාධක දීමනාව ලබාගැනීම සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, සුදුසුකම් ලැබූවන්ගේ නවතම ලැයිස්තුව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කර තිබේ.
මෙම වැඩසටහන යටතේ දීමනා ලබාගැනීම සඳහා පවුල් ලක්ෂ 23කට අධික සංඛ්යාවක් අයදුම් කර තිබූ අතර, ඉන් පවුල් 991,800ක් පමණක් ප්රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ. ඒ අනුව, අයදුම් කළ පවුල් ලක්ෂ 14කට ආසන්න සංඛ්යාවක් මෙවර ලැයිස්තුවෙන් ඉවත් වී ඇත.
සුදුසුකම් ලැබූ පවුල් අතරින් 363,142ක් වරිගගත කර ඇත්තේ වරිග රේඛාවට පහළින් සිටින පවුල් ලෙස වන අතර, ඔවුන්ට මසකට රුපියල් 17,500ක දීමනාවක් හිමිවේ. තවත් පවුල් 628,658කට මසකට රුපියල් 10,000 බැගින් දීමනා ලබාදීමට නියමිතය.
අදාළ ප්රතිලාභී ලැයිස්තු මේ වන විට අදාළ ප්රාදේශීය ලේකම් කාර්යාල සහ ග්රාම නිලධාරී කාර්යාලවල ප්රදර්ශනය කිරීමට පියවර ගෙන ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර