හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම ක්රියාත්මක වන පරිදි එම පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.
අදාළ සැකකරුගේ මරණය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමක් සහ වගකීම් විරහිත ක්රියාවක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව මෙම විනය ක්රියාමාර්ගය ගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර, මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද (29) දින කිරිවත්තුඩුව ගල්කන්ද පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. මෙම අවස්ථාවට සමගාමීව කිසිදු උද්ඝෝෂණයක් හෝ පෙළපාලියක් පැවැත්වීම වළක්වාලමින් කැස්බෑව දිසා අධිකරණය විසින් පසුගියදා නියෝගයක් නිකුත් කර තිබුණි.
කහතුඩුව පොලිසිය කළ ඉල්ලීමකට අනුව අපරාධ නඩු විධාන සංග්රහයේ 106(1) වගන්තිය ප්රකාරව මෙම නියෝගය ලබා දී ඇති අතර, එය දින 14ක කාලයක් සඳහා වලංගු වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර