ආරක්ෂක අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ජාතික ආරක්ෂක අධ්යයන ආයතනය (INSS) විසින් මිනිස් ජාවාරම් මැඩලීම පිළිබඳව විශේෂ ‘Threat Lens’ වැඩමුළුවක් පසුගියදා කොළඹදී පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා ත්රිවිධ හමුදා නිලධාරීන්, පර්යේෂකයන් සහ ආයතනික කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
ජාතික ආරක්ෂක අධ්යයන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් විශ්රාමික මේජර් ජෙනරාල් රංජන් විජේදාස මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේදී මිනිස් ජාවාරම් යනු ජාතික ආරක්ෂාවට සහ මානව හිමිකම්වලට එල්ල වන බරපතළ තර්ජනයක් බව අවධාරණය කෙරිණි.
ආරක්ෂක අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ සහකාර ලේකම් ප්රියංගනී හේවාරත්න මහත්මිය විසින් මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා ශ්රී ලංකාව සතු ජාතික උපායමාර්ග, නීතිමය ප්රතිපාදන සහ ආයතනික වගකීම් පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. මෙහිදී අදාළ ආයතන අතර සම්බන්ධීකරණයේ වැදගත්කම ඇය විසින් පෙන්වා දෙන ලදී.
එමෙන්ම, ජාත්යන්තර සංක්රමණික සංවිධානයේ (IOM) සංක්රමණික සහාය සහ ආරක්ෂණ ඒකකයේ ප්රධානී මිනෝලි පී. දොන් මහත්මිය විසින් මිනිස් ජාවාරමට ගොදුරු වූවන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාත්යන්තර සහයෝගීතාවයේ අවශ්යතාවය පිළිබඳව කරුණු පැහැදිලි කළාය.
මෙම වැඩමුළුව මගින් මිනිස් ජාවාරම් මැඩලීම සඳහා වූ ජාතික සහ ජාත්යන්තර ක්රියාමාර්ග පිළිබඳව සහභාගිවූවන්ට පුළුල් අවබෝධයක් ලබාදීමට හැකි විය. වැඩසටහනේ අවසානයේදී ජාතික ආරක්ෂක අධ්යයන ආයතනයේ නාවික හමුදා පර්යේෂණ නිලධාරී කමාන්ඩර් එස්.එල්. වික්රමසිංහ මහතා විසින් ස්තුති කතාව පවත්වන ලදී.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර