දිවයිනේ නාගරික ප්රදේශ රැසක වායු ගුණාත්මකභාවය මේ වන විට මධ්යස්ථ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත්, යාපනය, වවුනියාව, මහනුවර, නුවරඑළිය, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම සහ මුලතිව් යන ප්රදේශවල වායු ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක පවතින බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
පවතින කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ඉදිරි පැය 24 තුළ ශ්රී ලංකා වායු ගුණාත්මක දර්ශකය (SL AQI) 88ත් 120ත් අතර අගයක පැවතිය හැකි බවට අපේක්ෂා කෙරේ. ඒ අනුව බදුල්ල සහ පොළොන්නරුව ප්රදේශවල ද වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටමකට පත්විය හැකි බවට අනතුරු ඇඟවේ.
දවසේ වැඩිම වායු දූෂණ අගයන් පෙරවරු 8.00 සිට 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට 5.00 දක්වා කාලසීමාවන් තුළ වාර්තා විය හැකි බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
AI illustration; not a photograph of the reported event.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර